අධිරජු සැතපෙනු පිණිස
එදා අධිරාජ්යයේ නව සිතියම අඳින්නට මාලිගයට සිතියම් වේදීන් පැමිණි දිනය අන් කිසිදු දිනයකින් වෙනස් එකක් ලෙස කිසිවෙකුට දැනී නොතිබිණ. නමුත් එතැන් පටන් අධිරාජයා කරා නින්ද නොපැමිණියේය. සිතියම් වේදීන්ගේ පැමිණීමත් අධි රජුගේ නින්ද අහිමි වීමත් අතර ඇති ඒ අබිරහස් සම්බන්ධය කුමක්ද? අධික කම්සැප ගෙනෙන වෙහෙසින්, මධු විතෙන් හෝ කිසිදු නිදි ඔසුවකින් පිළිසරණක් නොලැබ අධි රජු පියවි සිහියේ විකල් අන්ත වෙත ඇදී යාමට ආසන්නය. ඔහු සුවපත් කළ හැකි නිද්රා සුගන්ධය සතු විලවුන්කරුවා අධිරාජ්යයේ කිසියම් තැනක සැඟවී ඇත. ඔහු සොයා ගන්නා මං ලකුණු දන්නේ කවුද
How AI sees this product
The more complete this product's details, the more confidently AI assistants can understand and recommend it.
68%