හිතට හිතක්

හිතට හිතක්

SKU: Hethata Hethak-Alana-Nohadunanai
1040.00 LKR In stock Buy at Merchant

පොතෙහි නම : හිතට හිතක් – Hethata Hethak කතෘ : ඇලානා මදුරාගොඩ – Alana Maduragoda පිටු ගණන : 232 උමා එක්ක ” සිංදු කාමරේ” වැඩසටහන කර කර හිටපු තිවේන්ට හදිසියේම ඇස ගැටුනේ ආදරණීය නිසදෙසක්. තිවේන් ලැප්ටොප් පරිගණකයේ තිරය දෙස දෑස් අයාගෙන බලා සිටින බව දුටු උමාගේත් දෑස් නතර වුනේ තිරය මත තිබූ නිසදෙස මත. උඩින් පල්ලෙන් කියවූ තිවේන් දෑස් සිහින් කර ඇය දෙස බැලුවේ හිතේ ඇති වුනු කුතුහලේ නිසා. ඇයගේ දෙතොල් වල ඇදුනු මදහස නිසා ඔහුට යමක් තේරුනා. ” මේක ආදරණීය රාත්‍රියක් ප්‍රෝග්‍රෑම් එකට එවන මැසේජ් එකක් නේද? වැරදිලාද එවලා තියෙන්නෙ නැත්නම්… “ ගීතයක් වාදනය වෙමිනි තිබූ නිසා තිවේන් සෙමින් උමාගෙන් අහද්දි ඇය හිස දෙපසට වනා සිනාසුනා. ” හොඳට කියවලා බලන්න… එවලා තියෙන්නෙ ශෙවාන්ට. ශෙවාන් අද නැති නිසා හිතේ දුක අකුරු කරලා එවලා. “ උමා විස්තර කරද්දියි තිවේනුත් ඒ නිසදෙස හරියටම කිව්වේ. ඔහුගේ මුවේත් ලා හිනාවක් ඇදී මැකී ගියා. දෙසවන් අයා සිටින්නේ හඬ අසන්නට නම් නුඹේ… මන්ද නාවේ සනසන්නට අද මෙසේ… බලාන හිටියට වැඩක් නැද්ද අද දවස ඔහේ… එන්න හැකිද එක්වරක් වත් අහන්නට හඬ විතරක් නුඹේ… දැනෙනා පාලුව හිතට දැන් නුඹ නොදන්නවා ඇති… නමුත්, මඟ නොහැර අහන හඬ අද නැතුවාම බලාපොරොත්තු බිඳගෙන දවස ගෙවන්නද කෙසේ… ආදරණීය ශෙවාන්ට ශෙනූගෙන්.

AI Readiness

Good foundation, but some important product data is still missing.

72%