අර්ථනා

අර්ථනා

SKU: Arthana-Diana-Sandamadhavee
1440.00 LKR In stock Buy at Merchant

පොතෙහි නම : අර්ථනා – Arthana කතෘ : ඩයනා වීදාගම – Diana Weedagama පිටු ගණන : 392 බදාදා උදෑසන මම ජේ හූන් පැමිණෙන තුරු බලාගෙන සිටියත් ඔහු වෙනුවට මා කැඳවාගෙන යෑමට පැමිණියේ ඔහුගේ මිතුරාය. මම පුදුමයෙන් සිනහවක් හෝ නැති ඒ මුහුණ දෙස බලද්දී ජේ හූන්ගෙන් මට ඇමතුමක් ලැබුණි. “සමාවෙන්න අර්ථනා. හදිසියේ පුංචි වැඩක් වැටුණා. ඒකයි ඔයාව pick කරන්න මට එන්න බැරි වුණේ. Hong එකක් එන්න පුළුවන් නේද? එයා ඔයාව මම ඉන්න තැනට එක්කරගෙන ඒවි” ඔහු සමඟ තනිවම ගමන් කිරීමට කැමැත්තක් නොතිබුණත් මට ජේ හූන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට නොසිතුණි. ඒ නිසාවෙන් මම ඊට එකඟ වූවෙමි. වාහනයේ දොරටුව මා වෙනුවෙන් විවිර කර දුන් ඔහු මගේ ගමන් මල්ල මගේ අවසරයකින් තොරවම ගෙන ගොස් පසුපස ඩිකියට දමා වැසුවේය. යළිත් පැමිණි ඔහු මෝටර් රථය පණ ගන්වාගෙන ගමන් කරන්නට පටන් ගත්තේ ඒ නිහඬ බවින් යුතුවමය. සෑහෙන වෙලාවක් ගියද වචනයක් හෝ ඔහු කතා නොකිරීම මට පුදුමයක් මෙන්ම නොරිස්සුමක්ද ගෙන ආවේය. මා මේ තරම් ප්‍රතික්ෂේප කිරීමට ඔහුට ඇති හේතුව කුමක්දැයි කියා ඔහුගෙන් අසන්නට මට සිත් වුවද මම පසුව එම අදහස අත් හැර දැමුවෙමි. මෝටර් රථය වේගයෙන් ගමන් කර Incheon ගුවන් තොටුපළ වෙත දිවෙන මාර්ගයට ඇතුළු වෙද්දී මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමි. “ඇයි අපි එයාර්පෝට් එකට යන්නේ?” මම පුදුමයෙන් එසේ ඇසුවද ඔහු නිහඬය. මට දැනුණේ දැඩි කෝපයකි. ඒ සමගම මෝටර් රථය ගුවන් තොටුපළ ආසන්නයේ නතර වෙද්දි ඔහු පැමිණෙන තෙක් බලාගෙන සිටි පුද්ගලයෙක් දිව විත් මෝටර් රථය අසල නැවතිණි. ඔහුට මෝටර් රථයේ යතුර ලබා දුන් hong ඩිකිය විවිර කර මගේ ගමන් මල්ලද පිටතට ගනිද්දී මම මෝටර් රථයෙන් ඉවතට පැමිණියෙමි.

AI Readiness

Good foundation, but some important product data is still missing.

68%