ආල සෘතු
පොතෙහි නම : ආල සෘතු – Aala Irthu කතෘ : නිල්මිණි වර්ණකුලසූරිය – Nilmini Warnakulasooriya පිටු ගණන : 528 ආල සෘතු (රහසිගත අඳෝනා මැදින් දිවයන අනුරාගී සෘතු..) මරණයේ සීතල නිම්නයත්, ප්‍රේමයේ උණුසුම් වසන්තයත් අතර දෝලනය වන ජීවිතයක අසිරිමත් කතාවකි මේ.. කඳුළ, ලේ සහ වේදනාව මැදින් ලියලන කුෂී සහ ජාන්ගේ ප්‍රේමය, මරණය පවා පරාජය කරමින් නැවත ජීවය සොයා යන අයුරු මෙහි අතිශය සංවේදී ලෙස දිග හැරේ. ආදරය, කැපකිරීම සහ දරාගැනීම පිළිබඳ මේ රෝමාන්තික අන්දරය, ඔබ මෙතෙක් කියවූ ප්‍රේම කතාවලට වඩා වෙනස්ම අත්දැකීමක් ඔබේ හදවතට සමීප කරනු ඇත. ”මගෙ පණට මාව දාලා යන්ඩ බෑ, මං දන්නවා ඒක.. මගේ ආදරේ ඇත්ත නම් ඔයාට මැරෙන්ඩ බෑ පණ.. මැරෙන්ඩ දෙන්නෙත් නැහැ.. මැරෙනවා නම් දෙන්නම මැරෙමු.. හැබැයි මේ ජීවිතේ විඳලා මිසක් විඳවලා නෙවෙයි..!” (ජාන්..) ”සෘතූන් පැමිණේවි.. සෘතූන් නික්මයාවි.. නමුදු, මා උරුම කරගත් සෘතුව නම් කිසිදිනෙක වෙනස් නොවනු ඇති.. ඒ ආල සෘතුව වෙනුවෙන් බලාපොරොත්තු තබා ගැනීම නිෂ්ඵලද? එහෙත් මා ඒ ආල සෘතුව බලාපොරොත්තු වෙමි..!” (කුෂී..)
AI Readiness
Good foundation, but some important product data is still missing.