තලිබාන් ක්‍රිකට් ක්ලබ්
මෙම නවකතාව හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාව අළලා රචනා වූ ප්‍රබන්ධයක් නොවේ. එය රුදුරු අන්තවාදීන්ගේ අයෝමය හස්තයේ ග්‍රහණයට හසුව පීඩා විඳින සුවහසක් ඇෆ්ගනිස්ථානු වැසියන්ගේ ජීවන අරගලයේ කතාන්තරයකි. මෙම කතාව ලියැවෙන්නේ රුක්සානා නම් මාධ්‍යවේදිනියක වටාය. ඇය හුදෙක්ම සිය අරමුණු කරා නොපසුබටව හඹා යන නව යොවුන් තරුණියක් පමණක් නොව, කුරිරු අන්තවාදීන්ගේ මර්දනකාරී පාලනයට එරෙහිව නැඟී සිටින බුද්ධිමත්, ධෛර්යසම්පන්න ගැහැනියගේ සංකේතයකි. තම ආදරධෑය මවගේ වියෝවෙන් පීඩිතව, ආගමික පොලිසියේ දැඩි නීති රීති හමුවේ, දැඩි පීඩාකාරී පරිසරයක දිවි ගෙවන නමුත්, ඇය තම පවුල සහ සිය ආත්මගෞරවය වෙනුවෙන් කරන කැපකිරීම අතිශය සංවේදීය…..
AI Readiness
Good foundation, but some important product data is still missing.
68%