මොරියෝ ගීතය
පොතෙහි නම : මොරියෝ ගීතය – Moriyo Geethaya කතෘ : එරංග කපුකොටුව – Eranga Kapukotuwa පිටු ගණන : 138 ඩෝරා කෙතරම් අනුකම්පාවෙන් ඔහු දෙස බලා සිටියද ඇගේ ඇස්වල ඇති සරාගී බව දැඩිව ඉස්මතු වේ. ලියෝ ඇයගේ ඇස් දෙසත්, කැරලි කොන්ඩය දෙසත් වේදනාව මැදින් මඳ වේලාවක් බලා සිටියේය. මොහොතකින් ඔවුනොවුන් කොටු පවුර මත ගෙවුණු ඒ සොඳුරු මොහොතට දෙදෙනාගේම මතකයන් ගෙන ගියේය. මොරියෝව සිසාරා හමා ආ ඒ සීතල සුළඟේ ලෙළදුණු කෙහෙරැලි ඇගේ මුව මත දඟ කළ ආකාරය ලියෝට සිහි විය. සිදුවන්නට යන දේ සිතාගත නොහැකිව සිටි ලියෝ සියලු භීතිය මඳකට අතහැර දමා සිසිල් සුළඟට ඒ මේ අත දඟ කළ ඩෝරාගේ කෙහෙරැලි හිසේ පිටුපසට සිටින සේ ඇඟිලි තුඩුවලින් ගොනුකර තැබුවේය. ඉන්පසු දෑතින්ම ඇගේ දෙකම්මුල් අල්ලා ඔහු වෙතට ළං කරගත් ඒ උණුසුම ඩෝරාටද සිහි විය. රජ බිසවකගේ දෙතොල් කුළුඳුලේ සිප ගැනීමට තරම් ඈත කූනීස් දේශයේ වෙළද පවුලක කඩවසම් පුතෙකුට හැකි වීම පුදුමයකි. කෙසේ වෙතත් ඩෝරා ඔහුව විශේෂ කර සැලකීමට හේතුව ලියෝටද තවමත් අබිරහසකි.
AI Readiness
Good foundation, but some important product data is still missing.