අසූවේ දශකයේ ප්‍රේම කතාවක් – Asuwe dashakaye prema kathawak
“මෙහෙට ආපු මුල් දවසෙම මට හිතුනා මීට කලින් සාලිය කෙහෙදි හරි දැකලා නියෙනවා කියලා.” මේ සංසාරේ කොහෙදි හරි අපි දෙන්නා මුණගැහිලා ඇති මාලා, සංසාර ගමනේදී අනන්ත අප්‍රමාණ වාරයක් මවක් ලෙසත්, බිරිඳක් ලෙසත් මිනිසුන්ට ගැහැණුන් හමුවෙනවා කියලා විශ්වාසයක් තියෙනවනෙ. ” “අනේ මං දන්නෙ නෑ, සමහර විට එහෙම වෙන්ඩ ඇති. ඒ කොහොම වුනත් හැන්දෑවට ගෙදර ගිය වෙලාවේ ඉඳලා මට ඔයාව මතක් වෙනවා සාලිය, හවස ගෙදර ගිය වෙලාවෙ ඉඳල පහුවදා කන්තෝරුවට එනකම්ම මං ඉන්නේ හරිම කම්මැලිකමෙන්, කතා කරන්ඩවත් කෙනෙක් අපේ බෝඩිමේ නෑනේ සාලිය, එහෙම පාළුවේ කාන්සියේ ඉන්නකොට මට නිතර නිතර ඔයාව මතක් වෙනවා.” ” ඔයාට කතා කරන්ඩවත් බෝඩිමේ කෙනෙක් නැත්නම් යමු අපේ බෝඩිමට “ඔයාට පිස්සු!” පිස්සු නොවෙයි. මං කියන්නෙ ඔයාට දැනෙන පාලුව මටත් දැනෙනව මාලා. මගෙ ජීවිතේටම කා ගැනවත් ඇති නොවුණු විදියෙ ආදරයක් මට ඔයා ගැන හිතෙනව. මං දන්නෙ නෑ ඒක ඇති වුනෙ කොහොමද කියල.” මා එසේ කියද්දී ඇගේ දෙනෙත කඳුලින් පිරී ගියේය. ඒවා සතුටු කඳුළු විය යුතු යැයි මට සිතුණි. කෙසේ නමුත් ඇය ඒ කඳුළු මගෙන් වසන් කරන්නට උත්සාහ කළාය. ඉස්සර නිතරම ප්‍රමාද වී කාර්යාලයට යන්නට පුරුදු වී සිටි මම මේ සුන්දර කාන්තාව නිසා දැන් නියමිත වේලාවටත් කලින් එහි යන්නෙමි. හවස ඇගෙන් වෙන්ව කාර්යාලයෙන් පිටව යන්නෙත් නොගොස් බැරි නිසාය. හදවතේ ගැඹුරුම තැනින් මතු වු ආදරයේ පණිවුඩය මගේ දෙනෙතින් ඇය වෙත යොමු වුණේය.
AI Readiness
Good foundation, but some important product data is still missing.